වැලිගම කප්පරතොට ප්රදේශයේ පිහිටි පාළු ඉඩමක සඟවා තිබූ හෙරොයින් කිලෝග්රෑම් 120ක පමණ ප්රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (15) සොයාගන්නා ලදී.
නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී අදාළ මත්ද්රව්ය තොගය සොයාගෙන ඇති අතර එම මත්ද්රව්ය ගොඩබිමට ප්රවාහනය කළ බවට සැකපිට පුද්ගලයන් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
දෙවුන්දර සිට මුහුදු සැතපුම් 100ක පමණ දුරකදී ඉකුත් 14 වැනිදා නාවික හමුදාව සැකකටයුතු ධීවර යාත්රාවක් පරීක්ෂාවට ලක්කර කෙරුණි.
කෙසේවෙතත් එහි තිබී කිසිඳු සැකකටයුතු ද්රව්යයක් හමුවී නොමැති අතර අනතුරුව නාවික හමුදා බුද්ධි නිලධාරීන් එහි සිටි ධීවරයන් පස්දෙනෙකු සිය භාරයට ගෙන තිබුණේ ප්රශන් කිරීම සඳහාය.
සිදුකළ ප්රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, ඔවුන් විසින් දෙවුන්දර සිට මුහුදු සැතපුම් 60ක පමණ දුරකදී වෙනත් ඩිංගි බෝට්ටුවකට මත්ද්රව්ය අඩංගු ගෝනි 6ක් ලබාදුන් බවය.
ඒ අනුව නාවික හමුදාව විසින් ඒ පිළිබඳව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය හා වෙරළාරක්ෂක බලකාය මේ බව දැනුම්වත් කර තිබේ.
ඉන් අනතුරුව පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.
ඒ අනුව වැලිගම ප්රදේශයේ මාර්ග බාධක යොදා සිදුකළ මෙහෙයුමක් අතරතුරදී පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණේ, වැලිගම, කප්පරතොට ප්රදේශයේ පිහිටි පාළු ඉඩමක මත්ද්රව්ය තොගයක් සඟවා ඇති බවය.
විමර්ශන නිලධාරීන් අද උදෑසන එම ස්ථානය පරීක්ෂා කළ අතර එහිදී ගෝනි 6ක බහා තිබූ අදාළ මත්ද්රව්ය තොගය සොයාගැනුණි.
එම ගෝනි 6 තුළ හෙරොයින් මත්ද්රව්ය අඩංගු පාර්සල් 120ක් තිබී සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි 200කට අධිකය.
එමෙන්ම සැටලයිට් දුරකථන දෙකක් හා සැටලයිට් අන්තර්ජාල උපාංගයක්ද එහි තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගන්නා ලදී.
විමර්ශන නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්රව්ය තොගය විදෙස්ගතව සැඟව සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන කුඩු සළිඳුට අයත් බවට සැකකරන බවය.
සැකකරුවන් හා මත්ද්රව්ය තොගය පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිතය.
හෙරොයින් කිලෝ 100කට අධික ප්රමාණයක් වැලිගමින් අල්ලයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.