රුපියල් පන් කෝටි දස ලක්ෂයක් වටිනා 'හෂීෂ්' මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙනවිත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද (15) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු සහ 33 හැවිරිදි වියේ පසුවන තායිලන්ත ජාතික රියැදුරුවරුන් තිදෙනෙකි.
සැකකරුවන් තිදෙනා අද (15) අලුයම 12:30ට තායිලන්තයේ බැංකොක් නුව සිට තායි ගුවන් සේවයේ TG-307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.
ඔවුන් රැගෙන ආ ගමන් මලු 3ක් පරීක්ෂා කිරීමේදී, රූපලාවන්ය ආලේපන අඩංගු බඳුන් තුළ ඉතා සූක්ෂම ලෙස අසුරන ලද 'හෂීෂ්' මත්ද්රව්ය කිලෝග්රෑම් 05යි ග්රෑම් 096ක ප්රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ අත්අඩංගුවට ගත් මත්ද්රව්ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද දින මීගමුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කෝටි 5කට අධික හෂීෂ් සමඟ තායි ජාතිකයින් තිදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.