යෝෂිතගේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්රකාශ කළේය.
ඊට දීමනා ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු කියා සිටියේය.
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.