රටක මූල්ය පද්ධතියක ශක්තිමත්භාවය තීරණය වන්නේ එම පද්ධතිය තුළ ස්ථාපිත කර ඇති ආයතන හා රෙගුලාසි මත පමණක් නොවේ, ඒවා කෙතරම් ඵලදායී ලෙස සහ කාර්යක්ෂම ලෙස ක්රියාත්මක වන්නේද යන්න මත බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ අවි ව්යාප්තියට මූල්ය පහසුකම් සැපයීම වැළැක්වීම (AML/CFT/CPF) පිළිබඳ ශ්රී ලංකාවේ තෙවන අන්යෝන්ය ඇගයීම් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව පැවසීය.
මෙම ඇගයීම මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා පැසිෆික් කණ්ඩායම (Asia/Pacific Group on Money Laundering – APG) විසින් මෙහෙයවනු ලබයි.
මූල්ය අපරාධ මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව අත්කරගෙන ඇති ප්රගතිය ජාත්යන්තරය හමුවේ ප්රදර්ශනය කිරීමටත්, තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්ර හඳුනා ගැනීමටත්, ජාත්යන්තර ප්රමිතීන්ගෙන් අත්දැකීම් ගෙන තවදුරටත් ශක්තිමත් කිරීමටත් ශ්රී ලංකාවේ තෙවන අන්යෝන්ය ඇගයීම වැදගත් අවස්ථාවක් සලසන බව ද අග්රාමාත්යවරිය මෙහිදී පැවසීය.
එමෙන්ම දූෂණය හේතුවෙන් රාජ්ය ආයතන කෙරෙහි, විශේෂයෙන්ම මූල්ය ආයතන කෙරෙහි, මහජන විශ්වාසය පළුදු වීම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයට සැලකිය යුතු අභියෝගයක් එල්ල කරන බව ද අග්රාමාත්යවරිය අවධාරණය කළාය.
ඇය පෙන්වා දෙන්නේ මූල්ය පද්ධතියේ ශක්තිමත්භාවය ආරක්ෂා කිරීම, මහජන විශ්වාසය යළි ගොඩනැඟීම සහ රටේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය, වගවීම, ශක්තිමත් ආයතනික සම්බන්ධීකරණය සහ ඵලදායී නීති ක්රියාත්මක කිරීම තුළින් මෙම අභියෝගවලට මුහුණ දීම අත්යවශ්ය බවය.
ශ්රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ අවි සැපයීම සඳහා මූල්ය පහසුකම් සැපයීම වැළැක්වීම ශක්තිමත් කිරීම, මතුවෙමින් පවතින අවදානම් තත්ත්වලට විසඳුම් ලබා දීම සහ ජාත්යන්තර හවුල්කරුවන්ගේ හා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා ඇගයීම් කණ්ඩායම සහ අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද අග්රාමාත්යවරිය යළි අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා, ශ්රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්වරයා, මූල්ය බුද්ධි ඒකකයේ සාමාජිකයන් සහ ඇගයීම් කණ්ඩායමේ සාමාජිකයන් සහභාගී වූහ.
රටේ මූල්ය පද්ධතියේ ශක්තිමත්භාවය ගැන අගමැතිනියගෙන් පැහැදිලි කිරීමක්
පුවතට සවන් දෙන්න
ස්වයංක්රීය හඬ කියවීම (Audio Reader)
අකුරු විශාලත්වය:
ඡායාරූප හිමිකම: IKMAN.NEWS
සුනිල් ශාන්ත බණ්ඩාර
ප්රධාන දේශපාලන කර්තෘ
වසර 15කට වැඩි කාලයක් මාධ්ය ක්ෂේත්රයේ පළපුරුදු ජ්යෙෂ්ඨ දේශපාලන හා ගවේෂණාත්මක මාධ්යවේදියෙකි.
💬 අදහස් (0)
මෙම පුවත සඳහා තවමත් කිසිදු අදහසක් පළ කර නොමැත. පළමු අදහස ඔබේ වන්නට පුළුවන.