Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බරපතල මුල්‍ය වංචා ලිපිගොනු රැසක් අතුරුදන්

|Wed,02 March 2016 10.04 AM|Political| Page Views :

ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී තිබූ විශාල මුල්‍ය වංචාවන්ට අදාළ පැමිණිලි ලිපිගොනු රාශියක් අතුරුදන්වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසර දහයකට වැඩි කාලයක් ක්‍රියාත්මක වී දැනට අකර්මණ්‍යව තිබෙන එම ඒකකය යළි ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා එහි තිබූ ලිපිගොනු කොළඹ කොටුවේ පිහිටි ස්ථානයකට ගෙන යාමට මේ වන විට සිදුවන අතර එහිදී ලිපිගොනු පරීක්ෂා කිරීමේදී ඒවා අතුරුදන්වී ඇති බව අනාවරණය වී තිබේ.

පසුගිය කාලයේ දේශපාලනඥයන් ආයතන ප්‍රධානීන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් රැසකගේ දූෂණ වංචාවලට අදාළ ලිපිගොනු මෙසේ යම්කිසිවකු විසින් අතුරුදන් කර ඇති බව අනාවරණය වෙයි.

ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට ලැබී තිබූ පැමිණිලි අතරින් තවමත් ලිපිගොනු දහසකට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබේ. ඒවා අතරින් කොටසක් පරීක්ෂණ සිදුවෙමින් තිබූ ඒවා වෙයි.

තවත් ඒවා දේශපාලන හේතුන් මත පරීක්ෂණ නොකර පැත්තකට දමා තිබූ ඒවා බව පැවසේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න