ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
2026 August 17- Page Views : 189
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළේය.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දෙව්දත් පඩික්කල් ලකුණු 167ක් රැස් කළ අතර, කේ.එල්. රාහුල් ලකුණු 82ක් ලබා ගත්තේය. ධෘව් ජුරෙල් ලකුණු 51ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් දවාගත් අතර, කේශර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පන්දුවාර 116යි පන්දු 4කදී ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා විය.