Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සිරියාව තුළ පාබල මෙහෙයුමක් පිළිබඳව ජාත්‍යන්තර සන්ධානය සාකච්ඡා කරලා

|Wed,02 March 2016 03.00 PM|Security| Page Views : 35

අලුත් පුවත්
බස් රථවලින් කප්පම් ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්
ගගනගාමීන් දෙදෙනෙකු යළි පෘථිවියට
ෆේස්බුක් උප සභාපති අත්අඩංගුවට !
ඉඩම් අමාත්‍ය ධූරයත් ජෝන්ට හිමිවෙයි
ප්‍රසන්න රණතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
ගොවීන් කෘෂිකර්ම ඇමතිගේ නිවස වටලයි
හිමිනමකගේ අතුරුදන්වීමෙන් අකුරැස්ස උණුසුම්
 
සිරියාව තුළ පාබල හමුදා මැදිහත්වීමක් පිළිබඳව ඇමරිකාව ප‍්‍රමුඛ ISIS විරෝධී ජාත්‍යන්තර සන්ධානයේ නියෝජිතයන් අතර දේශපාලන සාකච්ඡවක් පැවැත්වූ බව සවුදි අරාබිය විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.

රොයිටර් පුවත්සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡවකදී සවුදි ආරක්‍ෂක අමාත්‍යවරයාගේ උපදේශක බි‍්‍රගේඩියර් ජෙනරාල් අහමඞ් අසෙරි පවසා ඇත්තේ ජාත්‍යන්තර සන්ධානයේ ආරක්‍ෂක ඇමතිවරුන් මීට සති දෙකකට පමණ පෙර බ‍්‍රසල්ස් නුවරදී හමුවූ අවස්ථාවේදී මෙම සාකච්ඡව සිදුකළ බවයි.

එහිදී මිලිටරි මෙහෙයුම පිළිබඳ සාකච්ඡ නොකෙරුණු බවත් සිදුවූයේ එහි දේශපාලනික මානය පිළිබඳ අදහස් හුවමාරුව බවත් ඔහු පවසා තිබේ.

මෙම පාබල මෙහෙයුම සූදානම් කිරීම, සහභාගීවන සෙබළ ප‍්‍රමාණය හා ඔවුන් යෙදවෙන ප‍්‍රදේශය ආදී කරුණු තීරණයවූ පසු ඒ සඳහා සහභාගී වීමට සවුදි අරාබිය කැමැත්තෙන් සිටින බවද අසෙරි පවසා ඇත.

ඒ වන තුරු තුර්කියේ ඉන්සර්ලික් කඳවුරේ සිට සිරියාව තුළ ගුවන් ප‍්‍රහාර සඳහා සහභාගී වීමට අපේක්‍ෂා කරන බවද ජෙනරාල්වරයා සඳහන් කර තිබේ.

මේ බව තහවුරු කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ජෝන් කර්බි පවසා ඇත්තේ ඊට පෙර සවුදි යානා වෙත පැවරෙන්නේ කුමක්ද ආදී ලෙස තීරණය කළ යුතු බොහෝ දේ පවතින බවයි.

කෙසේවෙතත් කලාපීය ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල කරන සවුදි අරාබිය සිරියානු සාම ක‍්‍රියාවලිය වෙත විනාශකාරී ලෙස මැදිහත්වෙමින් සිටින බව සිරියානු රජය චෝදනා කර ඇතැයි වාර්තා වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න