WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොංගෝවේ ඉබෝලා මරණ 1,400 ඉක්මවයි

2026 July 27- Page Views : 5

කොංගෝ රාජ්‍යෙය් ඉබෝලා වසංගත තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 1,400 ඉක්මවා තිබේ.

ඒ අනුව ඉබෝලා මරණ සංඛ්‍යාව 1,405ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 3,200කට ආසන්න පිරිසක් ඉබෝලා ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය නව වෛරස ප්‍රබේදයක් වීම හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම අසීරු වී ඇති බව ද සදහන්.

කොංගෝ රාජ්‍යයේ පළාත් 7ක් පුරා මේ වන විටත් මෙම නව ඉබෝලා වෛරස ප්‍රබේදය පැතිර ගොස් ඇත.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය වසර 50ක කාලය තුළ ඉබෝලා වෛරසය ආසාදනයෙන් අප්‍රිකාව පුරා පුද්ගලයින් 15,000කට අධික පිරිසක් මියගොස් ඇති බවය.