Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉරානය සඳහා රුසියාවෙන් චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතියක්

|Wed,02 March 2016 03.06 PM|Miscellaneous| Page Views : 41

අලුත් පුවත්
සිරියාව තුළ පාබල මෙහෙයුමක් පිළිබඳව ජාත්‍යන්තර සන්ධානය සාකච්ඡා කරලා
බස් රථවලින් කප්පම් ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්
ගගනගාමීන් දෙදෙනෙකු යළි පෘථිවියට
ෆේස්බුක් උප සභාපති අත්අඩංගුවට !
ඉඩම් අමාත්‍ය ධූරයත් ජෝන්ට හිමිවෙයි
ප්‍රසන්න රණතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
ගොවීන් කෘෂිකර්ම ඇමතිගේ නිවස වටලයි
 
ඉරානය වෙනුවෙන් රුසියාව විසින් ඉදිරි දෙවසර තුළදී චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතියක් අභ්‍යවකාශගත කිරීමට නියමිතව ඇත.

අපේ‍්‍රල් මස වන විට මේ සඳහා වන කොන්ත‍්‍රාත්තුව අත්සන් තැබීමට සැලසුම් කර ඇති බවත් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීම 2018 අවසානයේදී සිදුකිරීමට ඉලක්ක කර ඇති බවත් රුසියානු අභ්‍යවකාශ නිරීක්‍ෂණ පද්ධති ආයතනයේ ප‍්‍රධානි ලියොනිඞ් මැක‍්‍රිඩෙන්කෝ පවසා තිබේ.

2015 අගෝස්තු මසදී පැවැත්වුණු 12වන රුසියානු ජාත්‍යන්තර ගුවන් හා අභ්‍යවකාශ සංදර්ශනය අතරවාරයේදී මීට අදාළ මූලික ගිවිසුමක් ඉරානයේ බොන්යාන් ඩනෙෂ් ෂාර්ග් සමාගම හා රුසියානු NPK BARL හා VNIIEM සමාගම් අතර අත්සන් තබන ලදී.

ඒ සඳහා රුසියානු නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය ද්මිත‍්‍රි රොගොසින් හා රුසියානු රජයේ අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්‍ෂක ඉගොර් කොමාරොව් ද සහභාගී විය.

පෘථිවි පෘෂ්ඨය, වායුගෝලය හා සමුද්‍රයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙම චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතිය අභ්‍යවකාශගත කරන බව පැවසේ.

ඇතිකරගත් එකගතාවයට අනුව පද්ධතියේ මෙහෙයුම් කටයුතු ඉරාන සමාගම විසින් සිදුකරනු ඇති අතර ඊට අදාළ ගොඩබිම පද්ධති NPK BARL සමාගම විසින් ඉදිකරනු ඇත.

චන්ද්‍රිකාව නිෂ්පාදනය කිරීම හා රුසියානු සෝයුස් රොකට්ටුවක් ආධාරයෙන් එය අභ්‍යවකාශගත කර පෘථිවි කක්‍ෂයට ඇතුළු කිරීම සමාගම VNIIEM විසින් භාරගෙන තිබේ.

පසුගිය වසර කිහිපය තුළ ඉරානය විසින් තමන් නිෂ්පාදනය කළ චන්ද්‍රිකා කිහිපයක්ද කක්‍ෂගත කර ඇතැයි වාර්තා වේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න