Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීන මෝටර් රථ සමාගම්වලට ඉරානයෙන් රතු එළියක්..

|Wed,02 March 2016 03.30 PM|Miscellaneous| Page Views : 51

අලුත් පුවත්
ඉරානය සඳහා රුසියාවෙන් චන්ද්‍රිකා නිරීක්‍ෂණ පද්ධතියක්
සිරියාව තුළ පාබල මෙහෙයුමක් පිළිබඳව ජාත්‍යන්තර සන්ධානය සාකච්ඡා කරලා
බස් රථවලින් කප්පම් ගැනීම වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙලක්
ගගනගාමීන් දෙදෙනෙකු යළි පෘථිවියට
ෆේස්බුක් උප සභාපති අත්අඩංගුවට !
ඉඩම් අමාත්‍ය ධූරයත් ජෝන්ට හිමිවෙයි
ප්‍රසන්න රණතුංගගෙන් විශේෂ ප්‍රකාශයක්
 
මීළග වසරේදී චීන මෝටර් රථ සමාගම්වලට සිය වෙළඳපොළෙන් ඉවත්වීමට සිදුවිය හැකි බවට ඉරානය අනතුරු හගවා ඇතැයි වාර්තා වේ.

ඉරාන නියෝජ්‍ය කර්මාන්ත අමාත්‍ය මොසෙන් සාලෙහි නියා පවසා ඇත්තේ චීන මෝටර් රථ සමාගම්වල නිෂ්පාදන සැලසුම් තුළ දේශීය සංයුතිය ඉහළ නැංවීමට කටයුතු නොකරන්නේ නම් ඔවුනට වෙළඳපොළෙන් ඉවත්වීමට සිදුවිය හැකි බවයි.

මාර්තු 21වනදා ඉරානයේ නව වසර උදාවන අතර ඉන් අනතුරුව මේ පිළිබඳව තීරණය කිරීමට නියමිතය.

ඉරානය වෙත යුරෝපා සම්බාධක ක‍්‍රියාත්මකවූ සමයේදී එරට මෝටර් රථ වෙළඳපොළ චීන සමාගම් විසින් අත්පත් කරගනු ලැබිණි.

චීනයේ ප‍්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන චෙරි ඔටෝමොබයිල්හි බලධාරීන් පවසා ඇත්තේ ආරම්භයේදී ඉරානය විසින් චෙරි නිෂ්පාදන ආදරයෙන් වැළඳගත් නමුදු දැන් සිය මෝටර් රථවලට ඇති ඉල්ලූම පහත වැටී ඇති බවයි.

යුරෝපා මෝටර් රථ සමාගම් ඉරාන වෙළඳපොළට යළි අවතීර්ණ වීමට සූදානම් වීම සමග චීන සමාගම්වලට ඉරානයෙන් බැහැරවීමට සිදුවිය හැකි බව මින් පෙර ඉරාන මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

මේ වන විටත් ප‍්‍රංශයේ රෙනෝල්ට්, පර්ජෝ හා ජර්මානු වොක්ස්වැගන් වැනි සමාගම් ඉරානය මෝටර් රථ වෙළඳපොළ තුළට පැමිණීම සඳහා සාකච්ඡ පවත්වමින් සිටින බව පැවසේ.

කෙසේවෙතත් චීන මෝටර් රථ නිපැයුම්වල තත්වයේ බාල බවද ඉරාන වැසියන්ගේ ඉල්ලූම පහත වැටීමට ප‍්‍රධාන හේතුවක් වී ඇතැයි වාර්තා වේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න