Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලීසිය ලේ පැල්ලමක් පිටුපස ලුහුබඳියි

|Thu,03 March 2016 08.00 AM|Miscellaneous| Page Views :

බන්ධනාගාර බස් රථයක් ඉලක්ක කරගනිමින් දෙමටගොඩ ඊයේ (02) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සිදු කළ අය හඳුනා ගැනීම සදහා පොලීසිය ලේ පැල්ලමක් පිටුපස ලුහුබඳිමින් සිටි.

පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කළු පැහැති හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයකින් සහ යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. බන්ධනාගාර බස් රථයේ සිටි පොලිස් නිලධාරීන් ඊට ප‍්‍රති ප‍්‍රහාර සිදුකර ඇතැයිද එයින් වෙඩි තැබීමට පැමිණි එක් අයෙකුට තුවාල සිදුවී ඇතැයිද ඔහු කියාසිටියි.

මෙම තුවාලකරුගේ බවට සැක කරන ලේ පැල්ලම් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරට මාර්ගයේ දක්නට ලැබෙන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. දැනට කෙරෙන විමර්ශනවලට ප‍්‍රධාන හෝඩුවාව වී ඇත්තේද මෙම ලේ පැල්ලම්. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම විමර්ශන සිදුකරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න