Welcome Ikman.news
 
 
 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමටගොඩ චමින්දට වෙඩි තියන්නT56 අවිය ගෙනා ඇමති වාහනය කාගේද?

|Thu,03 March 2016 10.30 AM|Special| Page Views : 37

අලුත් පුවත්
US tells UNHRC it sees hope and promise in Sri Lanka
කෙල්ලන් යොදවා සිසුන්ට බියර් පොවන සමාගම් ගැන හෙළිදරව්වක්!
කොළඹ වාහන තදබදය අවම කිරීමට නව මාර්ග දෙකක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත අදාළ ඇමැතිවරුන්ට
දෑත්, දෙපා, කට ගැටගැසූ භික්‍ෂුවක් මහමග දමා ගොස් තිබියදී හමුවේ..
සුනාමි නැතැයි තහවුරු කරයි
පොලීසිය ලේ පැල්ලමක් පිටුපස ලුහුබඳියි
 
කොළඹ ප්‍රබල පාතාල සාමාජිකයකු බව කියන චමින්ද රවි ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දට වෙඩි තබා ඝාතනය කිරිමට උත්සහ කල අවස්ථාවේ පොලිස් වෙඩි ප්‍රහාරය වැදුනු පාතාලයේ මැරයා අත් අඩංගුවට ගැනිමට දේශපාලනය හරස්වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

දෙමටගොඩ චමින්ද ඊයේ (02) දහවල් පැවැති භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩු විභාගය අවසන් වීමෙන් පසුව බන්ධනාගාර බස් රථයේ රැගෙන එමින් සිටින අවස්ථාවේදී මාලිගාවත්ත ප්‍රදේශයේදී රථය හරස් කොට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් වෙඩි තැබු අතර අදාල මැරයන්ට අවශ්‍ය ටී 56 ගිනි අවිය රැගෙන පැමිණි කණ්ඩායම ඇමති ආරක්ෂක රථයක් බව සිද්ධිය ඇසින් දුටු එම ස්ථානයේ රැදි සිටි රථවාහන ‍පොලිස් නිලධාරියකු දැක ඇති අතර මේ වනවිටත් ඔහුගේ සාක්ෂිය නොසලකා හරින ලෙසට උපදෙස් දි ඇති අතර අදාළ නිලධාරියාව මෙම පරික්ෂණ සදහා දායක නොකර සිටින ලෙසටද උපදේස් ලැබී තිබේ.

භාරත ලක්ෂ්මන් මහතාගේ ඝාතන නඩුව විභාග වීමෙන් අනතුරුව සවස 3.40ට පමණ බන්ධනාගාර බස් රථය අධිකරණයෙන් පිට වී ඇත්තේ චමින්ද ඇතුළු සැකකරුවන් තිදෙනකු ද සමගය. එසේ රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථය මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි මුස්ලාම් සුසාන භූමිය ඉදිරිපිට වාහන තදබදයත් සමග මන්දගාමී වී ඇත. ඒ වන විටත් ඒ අසල කළු පැහැති මෝටර් රථයක් සහ යතුරු පැදියක් නවත්වා තිබි ඇත. ඒ යතුරුපැදියේ සිටි එක් පුද්ගලයකු බන්ධනාගාර බසය සමීපයට පැමිණෙනවාත් සමග චමින්ද වාඩි වී සිටි පැත්තට දැල තුළින් ගිනි අවිය ඇතුළු කොට එක දිගට වෙඩි කිහිපයක් තබා තිබේ. මෙලෙස වෙඩි තබා ඇත්තේ ටී 56 ගිනි අවියකිනි. එලෙස වෙඩි තබන විට වෙඩි උණ්ඩ 2ක් චමින්දගේ ඇලපත ප්‍රදේශයටත් උදරයටත් වැදී තිබේ.

වෙඩි තැබිම ආරම්භ වනවාත් සමගම බන්ධනාගාර බසයේ සිටි ‍පොලිස් ආරක්ෂකයා විසින්ද සිය ගිනි අවිය යොදාගෙන වෙඩි කිහිපයක් නාඳුනන තුවක්කුකරු වෙත එල්ල කර ඇත. එලෙස වෙඩි තබන විට බන්ධනාගාර බස් රථයද නොනවත්වා ඉදිරියට ධාවනය කොට ඇති අතර ඉන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයින් සිය ගිනි අවිය මෝටර් රථයේ සිටි පිරිසට ලබාදෙන අයුරු එහි සිටි රථවාහන ‍පොලිස් නිලධාරියකු දැක තිබේ. එලෙස ලබාදෙන විටත් ඔවුන් අතින් උණ්ඩ පිරවූ මැගසිනය රෙදි කැබැල්ලක් සමගින් බිම වැටී ඇත.එම ගිනිඅවි ලබාදීමෙන් අනතුරුව යතුරුපැදියද මෝටර් රථයද ඉදිරියට ධාවනය වී ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයට හරවා ඇති අතර බන්ධනාගාර බස් රථය දෙමටගොඩ ප්‍රදේශයට හරවා ඇත. වෙඩි තැබූ පුද්ගලයන් අතර එක් අයෙකුට ‍පොලිස් ආරක්ෂකයා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයක් වැදී ඇති අතර ලේ බින්දු වැටී තිබූ ආකාරය දැකගන්නට තිබුණු බව වාර්තා වේ.

යහපාලනයට පිංසිදුවන්නට ඉක්මනින්ම ලංකාවට පැමිණි පාතාල නායකයන් යලිත් සිය ඝාතන භුමිය හසුරුවමින් සිටින අතර පසුගිය මහා මැතිවරණය සමයේ දෙමටගොඩ චමින්දගේ පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ මහා බැංකු හොරා වන රවි කරුණානායකගේ පාගමනක් සඳහා සහභාගි වී සිටි බ්ලුමැන්ඩල් සංඛට වෙඩි තැබිමට උත්සාහ කළ අතර එහිදිද පාතාලයන් කිහිප දෙනෙකුම තුවාල ලැබුවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න