Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිස් ජිප් රථයත් හොරු අරන්

|Wed, 12 September 2018|Security| Page Views : 55

අලුත් පුවත්
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති
ගෑස් ටැංකියක් පුපුරා නයිජිරියාවේ 35 ක් මරුට
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
රියුනියන් යන්න ගිය 88ක් කොටු වෙයි
රාජ්‍ය නායකයින් දෙදෙනාගේ හමුවට සියල්ල සුදානම්
කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
වසර 17 කට පෙර ලොවම සසල කල මහා ඛේදවාචකය
ලෝටස් පාර තාවකාලිකව වැසෙයි
 
යාපනය, කොඩිකාමම් පොලීසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින් අත්අඩංගුවට ගත් බව යාපනය කොඩිකාමම් පොලීසිය පවසයි.

ඊයේ(11) රාත්‍රි‍යේදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

කොඩිකාමම්, කච්චායි, පාලවි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට ගොස් ජිප් රථය නවතා තිබියදී කණ්ඩායමක් ජිප් රථය පැහැර ගැනීම සිදුකොට ඇති බවයි.

එහිදි ක්‍රියාත්මක වු පොලිස් නිළධාරීන් ජිප් රථය හඹා ගොස් සැකකරුවන් හා ජිප් රථය අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.

අදාළ අවස්ථාවේ සැකකරුවෙකු හා ජිප් රථය අත්අඩංගුවට ගත් අතර, අනතුරුව තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය අවස්ථාවේ ජාවාරමට සම්බන්ධ පිරිසක් ජිප් රථය රැගෙන පළාගොස් ඇති බවට යාපනය ආරක්ෂක අංශ පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න