Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වැස්ස ජීවිත 28 ක් බිලි ගනී !

|Mon,19 August 2019|Miscellaneous| Page Views :

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශ කිහිපයකට අධික වැසි ඇද හැලී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණයේ බලපෑමෙන් හිමාචල් ප්‍රදේශ්, උත්තර්කාන්ද් සහ පන්ජාබ් ප්‍රාන්තවල පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තවත් විසි දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවයි.

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් දිල්ලි පාලන ප්‍රදේශයට සහ හර්යානා, පන්ජාබ්, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ ආශ්‍රිතව පිහිටි යමුනා ගංගාව ඇතුළුව සෙසු ගංගාවල ජල මට්ටම ඉහළ යාම ඊට හේතුවයි.

මේ අතර ගංවතුර ආපදාවෙන් පීඩා විඳි කේරල ප්‍රාන්තයෙන් තවත් මළසිරුරු රැසක් සොයාගෙන ඇති අතර ඒ අනුව එහි මරණ 121 දක්වා ඉහළ ගියේය.

එමෙන්ම ගංවතුරෙන් බලපෑම් එල්ල වූ කර්ණාටක ප්‍රාන්තයේ මරණ 76 දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් 10 දෙනෙකු අතුරුදන්ව සිටියි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න