Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

104 වන ජාතික ටෙනිස් තරගාවලිය ඇරඹෙයි

|Tue,20 August 2019|Miscellaneous| Page Views : 67

අලුත් පුවත්
කේන් විලියම්සන්ට සහ ට්‍රෙන්ට් බෝල්ට්ට විවේකයක්
දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට
බීමත් රියදුරන් 125ක් අත්අඩංගුවට
හිටපු යුධ හමුදාපතිවරයාට උසස් වීමක්
පැරෂුට් පුහුණුවක නිරතව සිටි යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නල්ලූර් සංචාරයක
පිල්ලෙයාන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් රැළියක්
ගෝඨා‍‍‍භය ජය නොගත යුතුය
 
104 වෙනි ජාතික ටෙනිස් තරගාවලිය මේ දිනවලදී පැවැත්වෙයි.

එහිදි කාන්තා ජාතික ශූරතාව දිනා ගැනීමට අන්ජලිකා කුරේරා සමත් විය.

ටෙනිස් සංගම් ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙන තරගාවලිය ආරම්භ වුණේ මීට සති දෙකකට පෙරයි.

වයස් කාණ්ඩ 5ක් යටතේ විවෘත හා ප්‍රවීන,කාන්තා හා පිරිමි ලෙස තරග පැවැත්වෙයි.

එම වයස් කාණ්ඩ 5 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට අධික ප්‍රමාණයක් තරගාවලියට එක්වී සිටින අතර කාන්තා විවෘත අවසන් තරගය පැවැත්වුණේ පසුගිය සෙනසුරාදායි.

එම අවසන් මහා තරගයේ දී අන්ජලිකා කුරේරා සමඟ ජනලි මනම්පේරි තරග වැදුණේය.

මෙහිදී පළමු වටය ලකුණු 6 ට 1 ක් ලෙසත් දෙවන වටය ලකුණු 6 ට 0 ක් ලෙසත් ජය ගත්තේඅන්ජලිකා විසින් ඒ අනුව අන්ජලිකා කුරේරා ශූරතාවය දිනා ගත් අතර ඇය ජාතික ශූරතාවය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

මේ අතර පිරිමි විවෘත අවසන් තරගය පසුගියදා ශාමල් දිසානායක සහ හීරා ආෂික් අතර පැවැත්වුණා.

මෙහිදී පළමු වටය ලකුණු 6 ට 3 ක් ලෙසත් දෙවන වටය ලකුණු 6 ට 2 ක් ලෙසත් ජය ගත්තේ ශාමල් විසින් ඒ අනුව ශාමල් දිසානායක ශූරතාවය දිනා ගත් අතර ඔහු ජාතික ශූරතාවය දිනා ගත්තේ සිව්වැනි වරටයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න