Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව Covid - 19 නිසා සිය උපන්දින සැමරුම අත්හළ දෙවන එලිසබෙත් මහ රැජිණ කරන්න යන දේ මෙන්න

|Sun, 19 April 2020|Miscellaneous| Page Views :

දෙවන එළිසබෙත් රැජිනගේ 94 වන උපන්දින සැමරුම මෙවර නොපවත්වන බව බකීංහෑම් මාලිගය පවසනවා.

ඒ මේ වනවිට ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන, කොරෝනා වෛරසය හේතුවෙන්.

කෙසේ වෙතත් ඇයගේ උපන්දින සාදය අවලංගු කළ පළමු අවස්ථාව මෙය නොවන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

දෙවන ලෝක යුද්ධය පැවැති සමයේදී මෙලෙස රැජිනගේ උපන්දින සැමරුමක් සිදු නොකර අත්හළ බව ද සදහන්.

එමෙන්ම Pamela Hicks ගේ, උපන්දිනය ද අප්‍රේල් මස 19 වනදාට යෙදී තිබෙන අතර දෙවන එළිසබෙත් රැජිනගේ උපන්දිනය යෙදි ඇත්තේ, අප්‍රේල් 21 වනදායි.

ලෝක යුද්ධය සිදු වන අවස්ථාවේදී මොවුන් දෙදෙනාගේ උපන්දින සැමරුම අප්‍රේල් 20 වනදා පැවැත්වීටයි කටයුතු යොදා තිබුණේ.

කෙසේ වෙතත් රැජිනගේ උපන්දිනය සැමරීම අවලංගු කළේ, එදින ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්දිනය එදින යෙදී තිබුණ බැවින්.

තව ද සිය උපන් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත ආචාර වෙඩි මුර උත්තමාචාරය අවලංගු කිරීමට දෙවන එලිසබෙත් මහ රැජිණ තීරණය කර තිබෙනවා.

මහ රැජිණගේ 68 වසරක රාජ්‍ය සමයේ එවැනි ඉල්ලීමක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි.

ලබන ජූනි මාසයේ පැවැත්වෙන ඇගේ උපන්දින නිල සැමරුම් උත්සවය ද නොපැවැත්වෙන බව බකිංහැම් මාළිගය මීට පෙර නිවේදනය කළා.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියට තවත් පවුම් බිලියන 1.6 ක් වෙන් කරන බව එරට රජය ඊයේ නිවේදනය කළා.

එමෙන්ම එරට සෞඛ්‍ය සේවාවන් සඳහා ආරක්ෂිත ඇඟළුම් හාරලක්ෂයක් අද ළඟාවීමට නියමිත බවයි ලන්ඩනයේ ඊයේ පැවති කොවිඩ් 19 මාධ්‍ය හමුවේදි එරට රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා වෛරස් මරණ 888ක් ඊයේ දිනයේ වාර්තාවූ අතර, ඒ අනුව එරට සිදුවූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 15,464ක් දක්වා ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍යය සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ බව තහවුරු කර තිබෙනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න