Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිනිසුන් වෙනුවට රොබෝවරු ආදේශ වීම ඉක්මන් වෙයි?

|Wed,22 April 2020|Security| Page Views :

මීට දශක කීපයකට පමණ පෙර තාක්ෂණයේ දියුනුවත් සමග රොබෝවරුන් මිනිසා අභිබවා යමින් මිනිසාටම තර්ජනයක් විය හැකි යයි ලෝකය බියට පත් වී සිටියා.

මේ වනවිට අනපේක්ෂිත ආකාරයට ලෝකයම වසංගතයකට ගොදුරු වීමත් සමග බොහෝ මිනිස් කටයුතු වලට රොබවරු ආදේශ කරගන්නට සිදු වී තිබෙනවා.

මේ තත්වය සමග ඉදිරි දශක කීපය තුළ ආර්ථික සහ අනෙකුත් කටයුතු සඳහා රොබෝ තාක්ෂණයේ දායකත්වය ඉහළ යනු ඇති බව විශ්ලේෂකයන් මත පළ කරනවා.

සමාජ දුරස්ථකරණ ඇති කරමින් මිනිස් කාර්‍ය මණ්ඩල සංඛ්‍යාව අවම කරන්නට ලොකු කුඩා සමාගම් පියවර ගනිමින් සිටිනවා.

අමෙරිකාවේ විශාලතම සිල්ලර වෙළෙඳ ආයතනය වන වෝල්මාට් මේ වනවිටත් පිරිසිදු කිරීම් සඳහා රොබෝ තාක්ෂණය යොදා ගන්නවා.

උෂ්ණත්ව පරීක්ෂාව සහ සනීපාරක්ෂක කටයුතු සඳහා රොබෝ තාක්ෂනය යොදා ගන්නට දකුණු කොරියාව කටයුතු කරමින් සිටිනවා.

ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන් පවසන ආකාරයට දැනට පනවා ඇති සමාජ සීමා බොහෝ දුරට 2021 දක්වා පවත්වාගෙන යන්නට සිදු වන බව පෙනී යනවා.

එවැනි තත්වයක් යටතේ රොබෝ තාක්ෂණයේ අවශ්‍යතාව සහ භාවිතාව තව තවත් ඉහළ යනු ඇති බවට මත පළ වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න