Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට

|Fri,01 May 2020|Security| Page Views :

වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාස නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් කුලියට ගෙන මත්කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී මෙම හෙරොයින් තොගය සහ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මෙහිද අත් අඩංගුවට ගත සැකකරුවන් පානදුර ,බණ්ඩාරගම සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පදිංචි මෙහි ප්‍රධාන සැකකරුගෙ බිරිඳ මේ වන විටත් මත්කුඩු සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බවද හෙළිවී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න