Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මානව ඉතිහාසයේ නව සලකුණු අප්‍රිකාවෙන් හමු වෙයි

|Tue,19 May 2020|Gossip| Page Views :

මීට වුරුදු 5760 - 19 100 අතර කාලයකට ඉහත ජීවත් වූ මානවයන්ගේ ෆොසිලකරණයට ලක් වූ පා සටහන් සිය ගණනක් අප්‍ර්‍රිකාවෙන් සොයාගෙන තිබෙනවා.

අප්‍රිකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම ෆොසිල පාසටහන් එකතුවද මෙය වනවා.

යමහල් මඩ ගොහොරුවක සටහන් වී ඇති මේ සලකුණු තෙත් අළු වියලීමත් සමග කොන්ක්‍රීට් මෙන් ඝණ වී ඇතැයි විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

උතුරු ටැන්සානියාවේ නැට්‍රොන් විල ආශ්‍රිත Engare Sero ප්‍රදේශයෙන් මේ පා සටහන් හමු වී තිබෙනවා.

පුද්ගලයන් 14කට අයත් පා සටහන් 408ක් මේ අතර වනවා.

පා සටහන් සහිත බිම් තීරු වෙනත් මඩ තට්ටු ගණනාවකින් ආවරණය වී තිබීම නිසා මේ ෆොසිල වසර දහස් ගණනක් තිස්සේ ආරක්ෂා වන්නට ඇතැයි මේ ගැන අධ්‍යයනය කරන පෙන්සිල්වෙනියාවේ චැතැම් විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යා මහාචාර්‍ය Kevin Hatala පවසනවා.

එරට 'මසායි' ජන කණ්ඩායම විසින් පළමු වරට මේ ප්‍රදේශයේ ප්‍රාග් ඓතිහාසික සලකුණු සොයා ගනු ලැබුවේ 2008 වසරේදීයි.

2009 වසරේ මේ ප්‍රදේශයෙන් පුද්ගල පා සටහන් 56ක් සොයා ගන්නට පර්‍යේෂකයන් සමත් වුනා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න