Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනි අවි රැසක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

|Thu,21 May 2020|Special| Page Views :

මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ගිනිගත්හේන පිටකන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 – 31 වයස් කාණ්ඩ වල පසුවන සැකකරුවන් දෙදෙනාගේ නිවසේ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවි දෙකක් , ගිනි අවි සදහා යොදන යකඩ බැරල් දෙකක් , බදින තුවක්කුවක් අත්අඩංගුවට ගත් බවයි සැකකරුවන් අත්අඩංගුවට ගත් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් කළුගල සහ සප්ත කන්‍යා රක්ෂිත වල සැරිසරන වන සතුන් දඩයම් කර මස් කර අලෙවි කිරිමේ ජාවාරමේ කාලයක් තිස්සේ නිරතව සිටි අය බවයි වැටලිම සිදු කල පොලිස් නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් ගිනිගත්හේන ප්‍රදේශයේ දඩ මස් අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර සැකකරුවන් සහ ගිනි අවි තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න