ටෙක්සාස් ගංවතුරින් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි
2025 July 08- Page Views : 359 ඇමරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇති වූ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.
එහිදී කර් ප්‍රාන්තයේ පමණක් අවම වශයෙන් 84 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අතුරුදන්වූවන් සෙවිමේ කටයුතු සිව්වන දිනටත් ඊයේ ක්‍රියාත්මක වුණා. ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක් වන කැම්ප් මිස්ටික්,හි මියගිය අය අතර අවම වශයෙන් ගැහැණු ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු සිටින බව තහවුරු කළ අතර, ළමයින් 10 දෙනෙකු සහ එක් උපදේශකයෙකු තවමත් අතුරුදහන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කලාපයේ තවත් වැසි සහ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර, එමඟින් තවදුරටත් හදිසි ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතිනවා.
මෙම ආපදා තත්ත්වයට පෙර ප්‍රමාණවත් ගංවතුර අනතුරු ඇඟවීම් ලබා දී තිබේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.