මාතරදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
2026 June 26- Page Views : 2
මාතර තලල්ල මාර්ගයේ වජිර වංශ මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූවන් මාතර සහ බතීගම රෝහලට ඇතුළත් කර ඇති බවද පොලීසිය සඳහන් කළේය.