Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බණ්ඩාරගම දී රු කෝටි 40ක හෙරොයින් ඇල්ලු පොලිස් මෙහෙයුම

|Fri, 30 July 2021|Miscellaneous| Page Views :

රුපියල් කෝටි 40කට අධික හොරොයින් මත්කුඩු තොගයක් සමඟ බණ්ඩාරගම, රේරුකාන ප්‍රදේශයේ දී පුද්ගලයකු අද (30) අලුයම කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැණුනි.

එම සැකකරු සමඟ හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් තිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.සැකකරුවෙකුගේ ඥාති සහෝදරයකුට අයත් නිවසක සඟවා තිබූ ට්‍රැවලින් බෑගයක හා තවත් ඇඳුම් බෑගයක දමා හෙරොයින් තොගය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටිය දී පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා යුදහමුදා පොලීසිය වෙත දැනුම්දීම් කර ඇති බව පොලිස් නිලධාරීන් පවසයි.

එම මත්කුඩු තොගය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පානදුර අලුබෝමුල්ල "සලිදු" නමැත්තාට අයත් ඒවා බවත් මීට ඉහත දිනකදී මත්කුඩු කිලෝ 50කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ මත්කුඩු ජාලයට ද එම මත්කුඩු සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු හා මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත වැඩිදුර විමර්ශන රැගෙන යනු ලැබීය. අත්අඩංගුවට පත්ව ඇත්තේ 23 හැවිරිදි බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු යතුරුපැදි මිල දී ගැනීම හා විකිණීම ව්‍යාපාරයක් ලෙස සිදුකරනු ලබන්නෙකි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න