Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කාබනික පොහොර සම්බන්ධයෙන් ගත් ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි

|Sat, 31 July 2021|Miscellaneous| Page Views :

රසායනික පොහොර තහනම් කිරීමට රජය විසින් ගනු ලැබූ තීන්දුව කිසිවිටෙක අත්නොහල යුතු බව ඕමල්පේ සෝභිත හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ගොවීන්ට අවශ්‍ය පොහොර ලබාදීමට ද රජය කටයුතු කළ යුතු බවය.ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමි මේ බව කියා සිටියේය.

"කාබනික පොහොර සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය අතිශය දූරදර්ශීයි. අතිශයින්ම ප්‍රයෝජනවත් සංවර්ධනාත්මක කටයුත්තක් කියන දේට කිසිදු සැකයක් නෑ. ඒ සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙන බව ඇත්ත. නමුත් ලැබුණ ප්‍රථම අවස්ථාවේ දීම රටේ අනාගතය ගැන සිතන අය හැටියට මේ යෝජනාවට අනුබල දිය යුතුයි. මේ යෝජනාව සක්‍රීය කරගත යුතුයි. එකම ප්‍රශ්නයක් තියෙනවා. පොහොර හිඟයක්. පොහොර හිඟය සම්බන්ධයෙනුත් රජය දන්වා සිටින පරිදි ප්‍රමාණවත් පොහොර රටේ තියෙනවා. හැබැයි ඒ ඒ පුද්ගලයෝ ඒක හංගා ගෙන විවිධ ව්‍යාපාර සඳහා කූඨ උපාය මාර්ග යොදමින් පොහොර හංගාගෙන ඉන්න වැඩසටහනක් ගැන කියවෙනවා. එහෙම නම් රජය කළ යුත්තේ වහාම අත්‍යාවශ්‍ය නම් ආරක්ෂක හමුදා බලය යොදා ගෙන පොහොර සඟවා තිබෙන තැන් වහාම වැටලීම් කරලා ඒ පොහොර එළියට අරන් ගොවි ජනතාව අතර සාධාරණ ලෙස බෙදා දීමයි. කාබනික පොහොර සම්බන්ධයෙන් මේ ගත්ත ඉදිරි පියවර වෙනස් නොවිය යුතුයි."


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න