WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යොහානි ට කොළඹින් ඉඩමක්

December 21, 2021- Page Views : 0 results

නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමව තිබේ.

ඒ අනුව ඇයට බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවත ප්‍රදේශයෙන් පර්චස් 9.68ක බිම් කොටසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් 1996 වසරේ ක්‍රිකට් ලෝක ශූරයන් සඳහා බිම් කොටස් ලබා දුන් ප්‍රදේශයට යාබඳව එම බිම් කොටස ලබාදීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කළ යෝජනාවක ට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවු බවය.