WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීනයේ මිනිසෙක් නැමිය හැකි iPhone එකක් නිපදවයි

Tue, 15 November 2022- Page Views : 0 results

මේ වෙද්දි නැමිය හැකි හෙවත් foldable දුරකතන ලෝකයේ ප්‍රචලිත වෙලා තියෙනවා. samsung වගේම වෙනත් ස්මාර්ට් ජංගම දුරකතන සමාගම්ද මේ වෙනකොට foldable phones නිශ්පාදනය ආරම්භ කරලා තියෙනවා. ඒත් තවමත් Apple සමාගම මේ design එකට අවතීර්ණ වෙලා නැති වුණත් ඉදිරියේදී ඒ ගැන පරිශීලකයන්ට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ආකාරයේ නිව්ස් එකක් චීනයෙන් වාර්තා වෙනවා. ඒ චීනයේ පුද්ගලයෙකු විසින් iPhone එකක් foldable ලෙස පරිවර්තනය කිරීමත් සමගයි.

චීනයේ පුද්ගලයෙක් විසින් 2020 Motorola Razr හී hinge එකක් භාවිතා කර සාමාන්‍ය iphone එකක් foldable iphone එකක් බවට හරවා තිබෙනවා. ඔහු ඒ පිළිබදව video එකක්ද Youtube වලට නිකුත් කර තිබෙන අතර මෙහිදී foldable Display එක සදහා iPhone X display භාවිතා කර තිබෙනවා.

සේම iPhone V ලෙස හදුන්වන මෙම දුරකථනයේ display එකෙහි යම් යම් ගැටළු ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් Apple තවමත් foldable දුරකථන වලට ප්‍රවේශ වෙලා තිබුණෙ නැතත් මේ සිදුවීමත් එක්ක ලගදීම මේකට අඩියක් තියයි කියලා පරිශීලකයන්ට බලාපොරොත්තු වෙන්න පුලුවන්.