WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජංගම දුරකථනය දෙකකට ඔබේ WhatsApp ගිණුම Link කිරීමේ හැකියාව ලබා දෙයි

Tue, 15 November 2022- Page Views : 0 results

නවතම WhatsApp Beta සංස්කරණය මඟින් Companion Mode නමින් නව විශේෂාංගයක් Android පරිශීලකයන් හට ලබාදීමට Meta සමාගම කටයුතු කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙරදී WABetaInfo වෙබ් අඩවිය Twitter පණිවුඩයක් හරහා වාර්තා කර තිබුණේ, Link Device පහසුකම හරහා තවත් ජංගම දුරකථනයකට WhatsApp ගිණුම Link කිරීමේ විශේෂාංගයක් ලබා දීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව නවතම Android Beta සංස්කරණය හරහා එකම WhatsApp account එක Mobile Devices 2 කට Link කිරීමේ හැකියාව ලැබෙනවා. කෙසේවෙතත් තෝරාගත් Beta පරිශීකයන් පිරිසක් සඳහා පමණක් මෙම විශේෂාංගය ලබාදී තිබෙන අතර අනෙකුත් පරිශලකයන් හට තම WhatsApp ගිණුම Tablet Device එකකට හෝ කිහිපයකට පහසුවෙන් link කිරීමේ හැකියාව පවතිනවා. එහිදී Tablet එකෙහිද WhatsApp Beta සංස්කරණය ස්ථාපනය කිරීම අනිවාර්ය වනවා.

මෙම විශේෂාංගය WhatsApp Beta පරීක්ෂකයන් හට නවතම WhatsApp Beta සංස්කරණය (Android 2.22.21.6) හරහා ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය WhatsApp පරිශීලකයින් හට ද ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරනු ඇති.