ගල්ගමුව නගරයේ පාළු තැන්වල දුම් උරණ සිසු සිසුවියෝ සමාජ මාධ්‍ය කළඹයි
2022-11-25 09:46:53- Page Views : 106
සති අන්තයේ දිනවල උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණෙන සිසු සිසුවියන්ගෙන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ඇතුළු විවිධ අපචාර ක්‍රියාවන්ට හුරු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඔවුන් නගරයේ ඇති පාළු ස්ථාන වෙත ගොස් මෙම අපචාර ක්‍රියාවන් සිදු කිරීමට පෙළඹී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මොවුන්ගෙන් බහුතරයක් දෙනා වයස අවුරුදු 14 -17 අතර අය වයස් සීමාවල පසුවන අය බවයි දැන ගන්නට ලැබුණේ.
මේ පිළිබඳව තවමත් පොලිසියේ හෝ නිසි බලධාරීන්ගේ අවදානය යොමුව නොමැති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.
මේ අතර උපකාරක පංති සඳහා ගල්ගමුව නගරයට පැමිණි සිසු සිසුවියන් පිරිසක් ගල්ගමුව මහජන ක්‍රීඩාංගණයේ දී දුම්පානය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මොවුන් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි හඳුනාගෙන ඇත්තේ.