WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදුලිබල ඇණහිටීමෙන් යුක්රේන ජනතාව ජීවිත අවදානමක

2022-11-25 11:21:04- Page Views : 31

රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 50ක් වත් සැපයීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව යුක්රේන බලධාරීන් පවසනවා.

කීව් අගනුවර ඇතුලු කලාප 15කට මෙම තත්වය බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ ජල සැපයුමද බිඳවැටී තිබෙනවා.

මේ දිනවල යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකක් පමණ වන අතර, විදුලි බලය අහිමිවීමත් සමඟ අධික ශීතලෙන් ජනතාව මියයාමේ හැකියාවක්ද පවතින බව සඳහන්.