WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

13 හැවිරිදි දැරියක් පැහැරගත් සැකකරුවෙක් සෙවීමට පොලීසිය මහජන සහාය පතයි

2022-11-25 15:52:46- Page Views : 358

13 හැවිරිදි දැරියක් නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණය කළා යැයි ඉඟිනියාගල පොලිසියට මවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කෙරෙන විමර්ශනයන්ට අදාලව සැකකරුවෙක්ව පොලීසිය විසින් සොයමින් සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුම් දෙනවා.

ඒ අනුව අදාල සැකකරු එම දැරියත් සමග ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික හැඳුම්පත් අංක 752496657v දරණ වයස අවුරුදු 47ක් වන දඹගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුමිත් ගුණවර්ධන නම් මෙම සැකකරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් 071 859 11 50/ 063 224 20 22 යන දුරකතන අංකවලට දැනුවත් කරන ලෙස පොලිසිය මහජන සහය පතනවා.