ඉන්දියාවට බංගලාදේශය හමුවේ අමිහිරි පරාජයක්
2022 December 05- Page Views : 12
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
මීර්පූර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ලිටන් දාස් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 41යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 186ක් පමණි.
ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වු ලොකේෂ් රාහුල් ලකුණු 73ක් රැස් කළ අතර සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට හැකිවුයේ නැත.
පන්දු යැවීමේ දි ශකීබ් අල් හසන් කඩුලු 5ක්, ඊබාඩොට් හුසේන් කඩුලු 4ක් සහ මෙහිදි හසන් මීරාස් එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් වුණි.
ඒ අනුව, ලකුණු 187ක් ජයග්‍රහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.
බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් නායක ලිටන් දාස් ලකුණු 41 රැස්කළ අතර ෂකීබ් අල් හසන් ලකුණු 29ක් රැස්කළේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ මෙහිදි හසන් මීරාස් නොදැවී ලකුණු 38ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු 3ක් රැස්කළේය.