WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රසීලය සහ ක්‍රෝයේෂියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

2022 December 06- Page Views : 12

මෙවර පා පන්දු ලෝක කුසලාන තරඟවලියේ 16 දෙනාගේ කණ්ඩායම් අතුරින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට බ්‍රසීලය සහ ක්‍රෝයේෂියාව සමත් වුණා.

ජපානය සමඟ ඊයේ(05) පැවති තරඟය ක්‍රෝයේෂියාව ජයගනු ලැබුවේ ගෝල 3ට 1ක් ලෙසයි.

තරඟය නිමාවන විට දෙපිලම ගෝල 1 බැගින් ලබා ගෙන සම තත්වයේ පසු වුණා.

පසු ව දෙපිලට ම දඩුවම් පහර හිමිවූ අතර එහි දීයි ක්‍රෝයේෂියාව තරඟය ජයගනු ලැබුවේ.

දකුණු කොරියාව සමඟ මෙරට වේලාවෙන් අද අලුයම පැවති තරඟය බ්‍රසීලය ජයගනු ලැබුවේ ගෝල 4ට 1ක් ලෙසයි.