අනතුරට ලක්වූ චාමිකට සැත්කමක්
2022 December 08- Page Views : 12
අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න මේ වනවිට සැත්කමට ලක්කරමින් පවතින බවට තොරතුරු වාර්තා වෙයි.
එසේම වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ පන්දුව මුහුණේ ගැටීමෙන් ඔහුගේ මුඛයේ දත් හතරකට හානි සිදුව ඇති බවය.
අනතුරට ලක්වීමෙන් අනතුරුව චාමික කරුණාරත්න කඩිනමින් ගාල්ල පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගය අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී චාමික අනතුරට ලක්විය.
එහිදී ඔහුගේ එක් දතක් ගැලවී වැටෙන අයුරු කැමරාවේ පටිගතව තිබුණේ මේ ආකාරයෙනි.