ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කරයි
2022 December 08- Page Views : 30 මේ වන ශ්‍රී ලංකාව තුළ ඇති වී ඇති ආර්ථික අර්බුදය හේතු කොටගෙන භාණ්ඩ රැසක මිල ගණන් ඉහළ ගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නවා ඇති. උද්ධමනය හමුවේ කඩදාසිවල මිල ගණන් අධික වී ඇති අතර මේ වන විටත් බොහෝ සේවාවන් මඟින් කඩාදාසි රහිත ඩිජිටල් බිල්පත් ලබා දෙන බව අප දනිමු.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔබේ නිවසට විදුලි බිල්පත මනු කියවන්නෙකු හරහා කඩදාසි මාධ්‍යයෙන් ඔබ වෙත මේ වන විටත් ලබා දෙනු ලබනවා. කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී කඩදාසි රහිත බිල් පතක් තම පාරිභෝගිකයන් වෙත ලබා දීමට කටයුතු කරන බවට අද දින බලශක්ති අමාත්‍යවරයා සහ විදුලි බල මණ්ඩලය හමුවේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා.
බලශක්ති අමාත්‍ය කන්චන විජේසේකර මහතා විසින් Twitter පණිවුඩයක් හරහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉදිරි ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත බිල් පතක් පාරිභෝගිකයන් වෙත නිකුත් කරන බවයි.
කෙසේ වෙතත් TechNews.LK අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාංශය විසින් පවසා සිටියේ මේ සම්බන්ධ සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඉදිරියේදී පැහැදිලි කිරීමක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
අප විසින් සොයා බැලූ පරිදි ඉදිරියේදී SMS පණිවුඩයක් හරහා, email පණිවුඩයක් හරහා හෝ පාරිභෝගික අංකය hotline අංකයක් වෙත යැවීමෙන් තම බිල්පත ඩිජිටල් ආකාරයට ලබාගත හැකි වනු ඇති.