චාමික කැන්ඩි ෆැල්කන්ස්ට ජය ගෙනෙයි
2022 December 11- Page Views : 12
20 වැනි පන්දු ඕවරයේදී චාමික කරුණාරත්න එල්ලකළ සුපිරි හයේ පහර දෙක හේතුවෙන් ජැෆ්නා කිංග්ස් පරදා තියුණු ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත් වුණි.
මෙම LPL තරගය නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබාගැනීමට සමත් විය.
ඊට පිළිතුරු ලෙස කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් වුණි.
අශේන් බණ්ඩාර ලකුණු 44යි.
චාමික කරුණාරත්න පන්දු 16කදී නොදැවී ලකුණු 26යි.
ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට කැන්ඩි ෆැල්කන්ස් සමත් විය.