දසුන්ට ලක්ෂ 11 ක දඩමුදලක්
2022 December 12- Page Views : 12
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හා එල්.පී.එල්. තරගාවලියේ දඹුල්ල ඔ්රා කණ්ඩායමේ නායක දසුන් ශානකට තරග මුදලින් සියයට 40 ක් දඩමුදලක් පැනවීමට ක්‍රියාකොටට ඇත. ඒ් කලම්බු ස්ටාර්ස් සමගින් පසුගියදා (08දා) පැවති තරගය අතරතුරදී පිටියේ විනිසුරු තීරණයකට විරෝධය පෑම හේතුවෙනි.
මේ හේතුවෙන් දසුන්ට පනවා ඇති දඩමුදල ඇ.ඩො. තුන්දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 11කටත් වඩා අධික වේ.
කෙසේ වෙතත් දසුන් මේ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. මෙම දඩමුදලට අමතරව දසුන්ට අසාදු ලකුණු 2ක්ද ලබාදීමට ක්‍රියාකොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි.