ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයට
2022 December 14- Page Views : 12
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනා කන්ඩායම අද අලුයම සමත් වුණා. ඒ, එම තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ක්රොඒෂියා කණ්ඩායම තුනට බිංදුවක් ලෙස පරාජයට පත්කරමින්.
ආර්ජන්ටිනාවේ පළමු ගෝලය වාර්තා කිරීමට සුපිරි පාපන්දු ක්රීඩක ලියනෝල් මෙසී සමත් වුණා. ඒ, තරඟයේ 34 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින්. තරඟයේ 39 වන සහ 69 වන මිනිත්තුවලදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ජුලියන් අල්වරෙස් තවත් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වුණා.
මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ප්රංශ සහ මොරොක්කෝ කණ්ඩායම් අතර හෙට අලුයම පැවැත්වීමට නියමිතයි. එම තරඟයෙන් ජයග්රහණය කරන කණ්ඩායම ආර්ජන්ටිනාව සමඟ අවසන් මහා තරඟයට තරඟ කරනු ඇති. මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි.