WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට කායවර්ධන ලෝක ශූරතාවක්

2022 December 15- Page Views : 12

දහතුන් වැනි වරට පැවති ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ශූරතාවක් හිමි කර දීමට හර්ෂ් ඩී පීරිස් සමත් විය.

තායිලන්තයේ පැවති තරගාවලියේදී ශාරීරික යෝග්‍යාතා අංශයේ සෙ.මී. 175 කාණ්ඩයෙන් තරග කරමින් ලෝක ශූරයා බවට පත් වීමට හර්ෂ්ට හැකි විය.

රාජ්‍යයන් 44 සහභාගිවූ මේ තරගාවලිය තායිලන්ත ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩ සංවර්ධන අරමුදල එක්ව සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ලෝක කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා සම්මේලනය සමඟ එක්ව තරගාවලිය සංවිධාන කර තිබිණි. මේ සම්මේලනයේ ශ්‍රී ලංකා සංගමය නියෝජනය කරමින් හර්ෂ් මේ තරගාවලියට එක් වූ අතර, ශ්‍රී ලංකා කායවර්ධන ඉතිහාසයේ ශාරීරික යෝග්‍යාතා තරග අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ක්‍රීඩකයා හර්ෂ් වන අතර, ඊට එක් වූ පළමු අවස්ථාවේදීම ජයග්‍රහණය හිමි කර ගැනීම ද කැපී පෙනිණි.