පාපන්දු ලෝක කුසලානය ගූගල් ඉතිහාසය වෙනස් කරයි
2022 December 20- Page Views : 30 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවති පසුගිය ඉරිදා (18) ගූගල් සෙවුම එහි ඉහළම තදබදය වාර්තා කළ බව එහි ප්‍රධාන විධායක නිළධාරී සුන්දර් පිචායි පවසනවා.
ටිවිඩර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ වසර 25ක් පැරණි ගූගල් සෙවුම එහි ආරම්භයේ සිට මෙතෙක් වාර්තා කළ ඉහළම තදබදය මෙය බවයි.
පසුගිය ඉරිදා (19) පස්වරුවේ පැවති ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරඟයේ දී ලියොනල් මෙසී ප්‍රමුඛ ආජන්ටිනා කණ්ඩායම පාපන්දු කිරුළ දිනා ගත්තා.