WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සනසන්න ආ ජනාධිපති

2022 December 20- Page Views : 12

පා පන්දු ලෝක කුසලාන අවසන් තරගයෙන්, වසර 36 කට පසු ආජන්ටිනාව ජයගනිද්දී, පරාජයට පත්වූයේ පසුගිය පා පන්දු ලෝක කුසලානය දිනූ ප්‍රංශයයි. ලැබූ පරාජය ප්‍රංශ පිළට දැඩි වේදනාවක් විය.

දක්ෂ ලෙස ක්‍රිඩා කරමින් ගෝල වාර්තා කළ කයිලීන් ම්බපේට ද එය දරාගත නොහැකි කම්පනයක් විය.

ලැබූ පරාජයෙන් පසු ම්බපේට සොවින් බරව සිටිද්දී පිටියට ගොස් ඔහු සැනැසුවේ අන් කිසිවකු නොව, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ මෙම ක්‍රියාව විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. එය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වෙමින් පවතී.