WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

Instagram හි වැඩිම Likes ලබාගෙන මෙසීගෙන් ලෝක වාර්ථාවක්

2022 December 21- Page Views : 30

Instagram සමාජ මාධ්‍ය නාළිකාව පිළිබඳව අද වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. Meta සමාගම යටතේ බලගැන්වෙන Instagram තරුණ තරුණියන් අතර ඉතා විශාල වශයෙන් ප්‍රසිද්ධියක් උසුළන අත​ර මාසිකව බිලියන 2කට ආසන්න පරිශීලකයන් සංඛ්‍යාවක් මෙම සමාජ මාධ්‍ය නාළිකාව භාවිතා කරනු ලබනවා.

FIFA World Cup 2022, එහෙමත් නැත්නම් පාපන්දු ලෝක කුසලානය පසුගිය නොවැම්බර් 21 වන​දා Qatar හිදී ආරම්භ වූ අතර ලෝකප්‍රසිද්ධ Lionel Messi ගේ නායකත්වයෙන් යුත් Argentina කණ්ඩායම සහ කවුරුත් හොඳින් දන්නා ලා බාල පාපන්දු ක්‍රීඩක Kylian Mbappé සමඟින් France කණ්ඩායම අතර​ ඉකුත් 18 වැනි ඉරිදා පැවති උණුසුම් අවසන් මහා තරඟයෙන් ජයග්‍රහණය කිරීමට Argentina කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණයෙන් අනතුරුව Argentina කණ්ඩායමේ නායක Lionel Messi විසි​න් තම කණ්ඩායම ලබා ග​ත් ලෝ​ක කුසලානය සමඟ ඡායාරූප කිහිපය​ක් සිය Instagram ගිණුම හරහා බෙදා ගැනීමට කටයුතු කර තිබුණා.

එම Post එක මේ වන විට Likes මිලියන 60ක​ට අධික ප්‍රමාණයක් ලබා ගැනීම​ත් සමඟ ලෝකයේ වැඩිම Likes ප්‍රමාණයක් ලබා ග​ත් Instagram Post එකට හිමි ගිනෙස් ලෝක වාර්ථාවට හිමිකම් කීමට Lionel Messi ගේ Instagram Post එකට හැකියාව ලැබී තිබෙනවා. ඒ දින දෙකක් වැනි කෙටි කාලසීමාවක් තුළදී වීමද විශේෂත්වය​ක්. එමෙන්ම වැඩිම Followeres ප්‍රමාණයක් හිමි Instagram ගිණුම් අතර තෙවන ස්ථානයට පත් වන්නේද Messi ​ගේ Instagram ගිණුමයි.