ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සුදුසුකම් ලබයි
2022 December 22- Page Views : 12
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (21) පස්වරුවේ සමත් වුණා.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයේ දී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 24කින් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දි කඩුලු 8ක් දැවී ලකුණු 143ක් රැස් කළා.
ලකුණු 144ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමට පස්වන පන්දුවාරයේ දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජැෆ්නා කණ්ඩායමට පන්දුවාර 11 දී ලකුණු 75ක් රැස් කළ යුතුව පැවතුණා.
ඒ වනවිටත් පන්දුවාර 11කදී කඩුළු 3ක් දැවී ලකුණු 98ක් රැස්කරගෙන සිටි ජැෆ්නා කණ්ඩායමට තරඟයේ ජය හිමි වුණා.