WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එල්.පී.එල් අවසන් තරගය අද

2022 December 23- Page Views : 12

ලංකා ප්‍රිමියර්ලීග් තරඟාවලියේ අවසන් මහා තරගය අද (23) රාත්‍රී 7.30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතරයි.

ඊයේ පැවති තරගයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරදවා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත්වුණා.

මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 168 ක්.

ලකුණු 169 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දු වාර 18 යි පන්දු පහකදී කඩුලු හතරක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළා.