නව තරග සංචාරයකට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නුදුරේදී ඉන්දියාවට
2022 December 26- Page Views : 12
2023 වසරේ වැඩ අල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමගින් තරග 3කින් සමන්විත එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.
ඉන්දු - ශ්‍රී ලංකා තරගාවලිය අරඹමින් පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ලබන ජනවාරි මස 3 වැනිදා මුම්බායිහිදි පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි මස 10යි.
තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතයන් මේ වන විට නම් කර තිබෙන අතර ඊට නිමා වු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක් වු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම ශ්‍රී ලංකා සංචිතයන්හි දොරටු විවෘත වී ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිය මාර්ග මගින් වාර්තා වන්නේ.
ඒ අනුව ආබාධයකට ගොදුරුව ශල්‍යකර්මයකට මුහුණ දී මාස 10කට පසු LPL තරගාවලියට එක්වී තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වු අවිශ්ක ප්‍රනාන්දු යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.
මීට අමතරව චාමික කරුණාරත්න ද යළි ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමට කැදවා ඇති අතර LPL තරගාවලියේ වීරයා වු සධීර සමරවික්‍රමට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් වෙන් වී තිබෙනවා.
මීට අමතරව නුවනිදු ප්‍රනාන්දු එක්දින කණ්ඩායමටත්, නුවන් තුෂාර පන්දුවාර 20 සංචිතයටත් එක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ආබාධයන්ට ගොදුරුව පූර්ණ සුවය ලබා සිටින ඩිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන් ද ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් වී තිබෙනවා.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලද ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 සංචිතයයන් තවමත් නිකුත් කර නොමැති අතර තරගාවලිය ආරම්භය සදහා ඉතිරිව ඇත්තේ තවත් දින 9ක් පමණයි.
මේ අතර ආබාධයකට ගොදුරු වී තිබෙන ඉන්දීය එක්දින සහ පන්දුවාර 20 නායක රෝහිත් ශර්මාට ශ්‍රී ලංකා තරගාවලිය අහිමි යෑමේ අවධානයක් ද මතුව තිබෙනවා.
එසේවුවහොත් ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හර්දික් පාණ්ඩ්‍යා වෙත පැවරෙනු ඇති.