WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකාවට චෙස් පදක්කම් 11ක්

2022 December 27- Page Views : 12

දහසය වැනි ආසියානු පාසල් ⁣චෙස් ශූරතා තරගාවලියේ, "රැපිඩ් " (Rapid ) අංශයේ වයස 17 න් පහළ තරග වලදී ශීු ලංකාවට රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් හතරක් වශයෙන් වු මුළු පදක්කම් එකොළාහක් දිනා ගනියි.

පසුගියදා කළුතර වස්කඩුවේ "සිට්රස් " සංචාරක හෝටලයේ දී ආරම්භ වූ මෙම ජාත්‍යන්තර චෙස් කීුඩා තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව, පකිස්ථානය, මලයාසියාව, ඉන්දුනීසියාව, කිර්කිස්ථානය, මාලදිවයින, මොංගෝලියාව, ටර්ක්මෙනිස්තානය, උස්බෙකිස්ථානය, ඉරානය යන රටවල සිට ⁣පාසල් චෙස් කීුඩක කීුඩිකාවන් පැමිණි අතර ඔවුන් අතරට ශීු ලාංකික චෙස් කීුඩක කීුඩිකාවන්ද සමඟ මුළු කීුඩක කීුඩිකාවන් සංඛ්‍යාව හාර සීයකට අධිකය.