WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

LPL දක්ෂයින් ශ්‍රී ලංකා සංචිතයට එක්වෙයි

2022 December 28- Page Views : 12

ඉන්දීය තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 31 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

එම තරග සංචාරයේදී දෙරට අතර 20-20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතය.

නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුද ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

LPL තරගාවලියේ වීරයා වූ සදීර සමරවික්‍රම, පිත්තෙන් දස්කම් දැක්වූ නුවනිඳු ප්‍රනාන්දු සහ අවිශ්ක ප්‍රනාන්දු ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙයි.

මේ අතර ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හර්දික් පාණ්ඩ්‍යාට හිමිවනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ නිත්‍ය නායක රෝහිත් ෂර්මාගේ ආබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතෙුවෙනි.

ශ්‍රී ලංකා - ඉන්දියා පළමු 20-20 තරගය ජනවාරි මස 3වනදා මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.