WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා පිල ඉන්දියාව බලා යයි

2023 January 02- Page Views : 12

ඉන්දීය සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා පස්වරුවේ මුම්බායි බලා පිටත්ව ගියේය. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් විස්සයි20 පිලේ උප නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරන අතර, එක් දින පිලේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කර ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, හෙට (3) මුම්බායි හීදී පළමු විස්සයි20 තරගය රාත්‍රී 7ට පැවැත්වේ. දෙවැනි විස්සයි20 තරගය 5දා පූනේ හීදී හා තෙවැනි විස්සයි20 තරගය 7දා රාජ්කොට් හීදී පැවැත්වේ.

පළමු එක්දින තරගය ලබන 10දා ගුවහාටි හිදී පස්වරු 1. 30ට ආරම්භ වන අතර, දෙවැනි එක්දින තරගය 12දා නවදිල්ලියේ හා තෙවැනි එක්දින තරගය 15දා තිරුවන්තපුරම්හීදී පැවැත්වේ.