WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දු - ලංකා පළමු විස්සයි විස්ස තරගය අද

2023 January 03- Page Views : 358

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වීමට නියමිතය.

වංකඩේ ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට හිමිව ඇති අතර රෝහිත් ෂර්මා, විරාත් කෝලි, රවීන්ද්‍ර ජඩේජා, බූනේෂවර් කුමාර්, රවිචන්ද්‍රන් අෂ්වින් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවිධ හේතුන් මත කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 03ක් ද පැවැත්වීමට නියමිතව තිබේ.