රෝහිත්ගේ මහත්මා ගුණයෙන් ශානකට ලැබුණු ශතකය
2023 January 11- Page Views : 358 ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් ගැටුම අතර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
ඒ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සිය ශතකයට ලකුණු 2ක් තිබියදී දැවී යාමට තිබූ අවස්ථාවක් රෝහිත් ශර්මාගේ මැදිහත්වීම මත නිෂ්ප්‍රභා කිරීමේ සිදුවීම හේතුවෙනි.
එහිදී තරගයේ අවසන් පන්දුවාරය යොමුකරමින් සිටියේ මොහොමඩ් ෂමී විසිනි.
ඔහු ලකුණු 98ක් ලබා සිටි දසුන් ශානකව මන්කාඩ් ක්‍රමයට දවාගැනීමට උත්සාහ කළේය.
එහිදී ඔහු එම දැවී යාම පිළිබඳව විනිසුරුවරයාගේ ඉල්ලීමක් කළේය.
එහිදී ඉන්දීය නායක රෝහිත් ශර්මා වහාම එම ඉල්ලීම ඉල්ලා අස්කර ගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ට ගරු කරමිනි.
ඒ අනුව තරගයේ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක සිය දෙවන එක්දින ශතකය රැස්කිරීමට සමත්විය.
ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 12ක් ඇතුළත් විය.
පන්දු 87කදී ඔහු ලකුණු 100 සීමාව පසුකර යාමට සමත්විය.
තරගයෙන් අනතුරුව ශර්මා පැවසුවේ ශානක ඉතා විශිෂ්ට අයුරින් පිත්ත හැසිරවූ බවය.