ඉන්දු - ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
2023 January 12- Page Views : 358 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය ඊඩ්න් ගාඩ්න්හිදී අද පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකගේ සහභාගීත්වය අවිනිශ්චිත අතර ඒ වෙනුවට ළහිරු කුමාර කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බව වාර්තා වේ.
දෙරට අතර පැවති පළමු එක්දින තරගය ලකුණු 67කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.